Posted on Leave a comment

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාව වෙනුවෙන් ම වෙන් වු මාර්ගගත වෙළඳසැල වෙත ඔබ සාදරයෙන් පිළිගමු

දුර්ලභ හා සොයාගැනීමට අපහසු ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව හා බැඳුණු පොත්පත්, ප‍්‍රකාශන හා වෙනත් දෑ ඔබ වෙත පහසුවෙන් සමීප කරලීම archaeoSTORE සේවාවේ අරමුණයි. මෙම සේවාව මඟින් කෘති හා ප‍්‍රකාශන ඔබ වෙත ලබා දීමේ දී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලකට ඒවා ලබාදීමට සිදුවන බව කාරුණිකව සලකන්න. අදාළ පොත්පත් ලබා ගැනීම, ගබඩා කිරීම, ඇසිරීම හා ඒවා ඔබ වෙත ලබා දීම මෙන් ම වෙබ් අඩවි, සයිබර් අවකාශ පවත්වාගැනීම සඳහා ඒ අමතර වටිනාකම් එකතු කිරීමට සිදු වේ. මෙම සේවාව තුළින් ආදායමක් ලැබෙන්නේ නම් එය නැවත ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය සඳහා ම යොදවනු ලැබේ. ‌මෙම සේවාව පිළිබඳව ඔබගේ අදහස් info@archaeology.lk ඔස්සේ අප වෙත දන්වා එවන්න.

archaeology.lk කණ්ඩායම

Posted on Leave a comment

Welcome to the archaeoSTORE

The archaeoSTORE is the first and only online store dedicated to archaeology in Sri Lanka. This was started in 2018 as a service to the academics, students, and the general public to find archaeological books. Our collection of books includes rare archaeology books.

Please note the prices of the books are relatively high to cover the transport and logistics costs. Any revenue generated from this service will be used to promote the Sri Lanka Archaeology.

Please send your comments, views, and suggestions to  info@archaeology.lk.