Sale!

සමකාලීන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව අර්බුදයක් විමසීම – ජගත් වීරසිංහ

රු360.00

සමකාලීන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව අර්බුදයක් විමසීම මහාචාර්ය ජගත් වීරසිංහගේ නවතම කෘතියයි. එය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ අර්බුදය පිළිබඳ ලිවු කෘතියකි.

Out of stock

Description

සමකාලීන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව අර්බුදයක් විමසීම – ජගත් වීරසිංහ

ජගත් වීරසිංහ – Photo Credit: https://www.youtube.com/watch?v=ifTCd8qEiOo

ජගත් වීරසිංහ පුරාවිද්‍යාඥයකි. චිත්‍ර ශිල්පියෙකි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබද ජේෂ්ඨ මහාචාර්යවරයෙකි. එම්. ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි’. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය දඹුල්ල වපෘතිවල පුරාවිද්‍යාව හා බිතුසිතුවම් සිපරක්ෂණය පිළිබඳ අධ්‍යක්‍ෂවරයාය. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සාමාජිකයෙකි.
අතීතය පිළිබඳ පුරාවිද්‍යාත්මක හෝ ඉතිහාසමය හෝ මානවවිද්‍යාත්මක ස්ථාවර සත්‍යයන් සොයනවා යැයි සිතීම හෝ එවැනි සිතීමක් සෘජුව හෝ වක්‍රව ප්‍රසංගනය කිරීමෙන් හෝ මෙම විනයන් තුනට විද්‍යාත්මක හා විචාරාත්මක භාවිතයන් වීමට නොහැකිය. එවැනි සිතීම්වලින් නොගැලවී අද දවසේ ශ්‍රී ලංකාව වැනි පශ්චාත් යටත්විජිත කාංසාවන්ගෙන් පීඩිත අවකාශයන් පවත්වා ගෙන යන ජාතිවාදී හා අධිකාරිවාදී ව්‍යුහයන් යළි යළිත් සමාජමය වශයෙන් ප්‍රතිනිර්මාණය කරන දේශපාලනයෙන් අප විනයන්ට ගැලවිය නොහැකිය.
ශ්‍රී ලාංකේශ්ය භූමිය ස්වකීය රටනැතහොත් ‘භූමිය ලෙස ආත්මීය ගත කරගෙන සිටින හෝ දේශපාලන අයිතියක් සේ දකින හා ප්‍රසංග කරන සිංහලුන්, දෙමළුන් හා මරක්කලයන් වාහික මානයකින් බැඳ තබන හා එවන් මානයකින් තීරණය කරන ලද ඇසකින් දකින අධිරාජ්‍යවාදික අවදියේ දී නිශ්චිත ලෙස ස්වරූපනය වුණු පසුකලෙක ශ්‍රී ලාංකේශ්ය දේශපාලනයේ මූලික සංඝටකයක් වූ එම වාගික දෘෂ්ටිය අතික්‍රමණය කිර්ම අද අවශ්‍ය වේ. මෙම සිතීමේ ක්‍රමය පදනම්ව ඇත්තේත් එය ස්වභාවික කර ඇත්තේත් අපගේ විනයන් තුන මතිනි. ඒවා ගොඩනැගූ ප්‍රවාදයන් මතිනි. සිංහලුන් යනු පොදු ජාන ප්‍රවර්ගයකින් සැදුම් ලත් ජන කොටසක් නොවේ. එසේ ම දෙමළුන් සහ මරක්කලයන් ද එසේ ම වේ. අපි මුලික වශයෙන් ම සංස්කෘතික හා සමාජ කණ්ඩායම් වේ. අප විනයන් තුන මගින් අපට ගොඩනැගිය හැක්කේ සංස්කෘතික ප්‍රවර්ගයන් මිස ජාන ප්‍රවර්ගයන් නොවේ. එසේ අපට ගොඩනැගිය හැකි සංස්කෘතික ප්‍රවර්ගයන් අත්‍යාවශ්‍ය ලෙස ම ඓතිහාසිකව ස්ථානගත කොට ඇත. ඒවා කාල හා අවකාශ මානයන්ගෙන් නිර්ණය වී ඇත.
පටුන
1. පෙරවදන අර්බුදයට ඇතුළුවීම
2. සමකාලීන ශ්‍රී ලාංකේයේ පුරාවිද්‍යාව: අර්බුදය සිතියම් කිරීම
3. පුරාවිද්‍යාත්මක කැණීම්, දත්ත එකතු කිරීම හා අයිතිකර ගැනීම
4. ශ්‍රී ලාංකේයේ පුරාවිද්‍යාවේ වර්තමාන අර්බුදය සහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන්
5. පුරාවිද්‍යාව, මානව විද්‍යාව සහ සංස්කෘතිය සංකල්පය
6. පුරාවිද්‍යාව යනු ඉතිහාසය නොවේ, එය වෙනම ම විනයකි
7. අනාගතයට මාවත් තුනක්

 

Reviews

There are no reviews yet.

Be the first to review “සමකාලීන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව අර්බුදයක් විමසීම – ජගත් වීරසිංහ”

Your email address will not be published. Required fields are marked *