ශිලාලිපි සංඥාර්ථවේදය – සුරෝෂන ඉරංග

ශිලාලිපි සංඥාර්ථවේදය

Semiotics of Stone Inscriptions

ශිලාලිපි සංඥාර්ථ තුළින් නිරූපිත විඥානය හැඩගැස්වීමේ ශක්‍යතාව

පිළිබඳ විමසුමක්

සුරෝෂන ඉරංග

B.A (sp) in Mass Media University of Colombo

Sri Palee Campus MSSc in Mass Communication (Reading)

University of Kelaniya

රු350.00

1 in stock

Description

කතාගෙන් වචනයක්

ශ්‍රී ලංකාව වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියනු ලබන රටකි. එම ඉතිහාසය සාහිත්‍ය මූලාශ්‍රවලින් මෙන්ම ශිලාලිපි වැනි නොබිඳිය හැකි පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ඔස්සේ ද තහවුරු වී තිබේ. විශේෂයෙන්ම සාහිත්‍ය මූලාශ්‍ර මගින් හෙළිවන කරුණු පුරාවිද්‍යාත්මක සාක්ෂ ඔන්සේ තවදුරටත් සත්‍යක්ෂණය වීම නිසා මෙරටේ සැඟවී ඇති ඉතිහාසය ලෝකය ඉදිරියේ ප්‍ර ණය කරනු ලබන කැඩපතක් ලෙස මෙම පුරාවිද්‍යාත්මක සාක්ෂ හඳුනා ගත හැකිය. එහි දී එම පුරාවිද්‍යාත්මක සාක්ෂ අතරින් ශිලාලිපි හෙවත් ශෛලමය ලේඛනවලට සුවිශේෂී වැදගත්කමක් හිමිවන අතර සිංහල භාෂා පරිණාමය අධ්‍යයනය සඳහා වැදගත් වීම, වංශකතාවල සඳහන් නොවන කරුණු හෙළිකර ගැනීමට භාවිත කළ හැකි වීම හා වංශකථාවල දැක්වෙන ඇතැම් ඓතිහාසික කරුණු හා තොරතුරු තුලනය කිරීමට යොදා ගත හැකි වීම ඇතුළු හේතු ගණනාවක් ඒ සඳහා බලපා ඇති බව පැවසිය හැකි වේ.

සමකාලීන සන්නිවේදන මාධ්‍යයක් ලෙස ශිලාලිපි හිමිකර ගනු ලබන වැදගත්කමට අනුව ඒවා තුළ අන්තර්ගත වන තොරතුරු අවබෝධ කර ගත හැකි වන්නේ ඒවායේ ඇතුළත් වී ඇති සංඥා සහ සංකේත මගිනි. එනම් එම සංඥා සහ සංකේත මගින් ප්‍රකට කරනු ලබන අර්ථ ඔස්සෙ ශිලාලිපිවල අන්තර්ගත තොරතුරු පාඨනය කළ හැකි වන අතර සංඥාර්ථ පිළිබඳ න්‍යායාත්මක හා සංකල්පීය එළඹුමකට පිවිසීම තුළ ශිලාලිපි අධ්‍යයනය වඩාත් ඵලදායී වන අතර සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් ශිලාලිපි හිමිකර ගනු ලැබූ වැදගත්කම මූලික කර ගනිමින් මෙම කෘතිය මා විසින් රචනා කරන ලදි. එසේම මෙම කෘතියට පදනම් වූ පර්යේෂණාත්මක අධ්‍යයනය තුළ කේන්ද්‍රීය සාධකය බවට පත්වන ශිලාලිපි පිළිබඳව හා එම ශිලාලිපි තුළ අන්තර්ගත වන සංඥාර්ථ පිළිබඳව ශාස්ත්‍රීය විශේෂණයක් ද මෙම කෘතිය තුළ මා විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම ශාස්ත්‍රීය පර්යේෂණය ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ දී ඒ සඳහා වටිනා පෙරවදනක් ලියා දුන් ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා මෙන්ම මෙම පර්යේෂණයට මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් මෙම කෘතියට පසුවදනක් ලියා දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සහ ඉතිහාසය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දඹර අමිල ස්වාමින්වහන්සේ ද මෙහිදී ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය. එසේම මාගේ දිවි ගමනට සහ මාගේ ලේඛන දිවියට යෝධ ශක්තියක් වෙමින් මා හට නිරන්තරයෙන් ආශිර්වාදයක් වූ ආදරණීය අම්මා, තාත්තා සහ නැගණිය මෙන්ම නිරන්තරයෙන් මා දිරිමත් කළ ආදරණීය සදීපනී නංගී ද මෙහි දී සෙනෙහසින් සිහිපත් කරමි.

Reviews

There are no reviews yet.

Be the first to review “ශිලාලිපි සංඥාර්ථවේදය – සුරෝෂන ඉරංග”

Your email address will not be published. Required fields are marked *

You may also like…

Billing details

Your order

Product
Quantity
Total
Cart Subtotal රු0.00
Order Total රු0.00
  • Pay by Visa, MasterCard, AMEX, eZcash, mCash or Internet Banking via PayHere. වීසා, මාස්ටර් කාඩ්, ඇමෙක්ස්, ඊස්කෑෂ්, එම් කෑෂ් හෝ ඉන්ටර්නෙට් බැංකුකරණය මගින් PayHere හරහා ගෙවන්න.

Your personal data will be used to process your order, support your experience throughout this website, and for other purposes described in our privacy policy.