ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය – භූගෝලීය පසුබිම සහ සුරක්ෂිතතාව – ආචාර්ය පී. විදානපතිරණ

රු2,400.00

Description

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය : භූගෝලීය පසුබිම සහ සුරක්ෂිතතාව ග්‍රන්ථය දිවයිනේ වාරි ක්‍ෂෙත්‍රයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඓතිහාසික භූගෝලවිද්‍යාත්මක ප්‍රවේශයකින් කරනු ලබන ගවේෂණයකි. දිවයිනට බලපාන නිවර්තන දේශගුණික රටාවේ උච්චාවචනයන්ට මුහුණදෙමින් දෙදහස් වසරකට වැඩි කාලයක් තිස්සේ මානව මැදිහත්වීම්වලට නතුව පැවතිය ද, වර්තමානයේ ද වියළි කලාපයේ කෘෂිකාර්මික ජල කළමනාකරණයේ පදනම වන්නේ ඓතිහාසික වාරි පද්ධතීන් ම බව මෙම අධ්‍යනයේ දී අවධානය කර ඇත. ඓතිහාසික යුගය තුළ රාජ්‍ය බලය පවත්වා ගෙනයාමත්, ආර්ථික ස්ථාවරත්වය උදෙසාත්, වාරිමාර්ග ස්ථාපනය කිරීම හා නඩත්තු කිරීම රජුට අයත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සළකන ලදී. මෙම සංකල්පය 13 වන ශත වර්ෂයේ අග භාගය දක්වා රීතියක් හෝ සම්ප්‍රදායයක් හෝ වශයෙන් පවත්වා ගෙන යන ලද බව ඓතිහාසික මූලාශ්‍ර මෙන් ම ශ්‍රී ලංකේය රාජාවලිය අධ්‍යයනයෙන් ද සනාථ වන්නකි. දිවයිනේ භූවිද්‍යාත්මක හා භූගෝලීය අනුකූල වූ, වෙනස්වන සාධකවලට ගැළපෙන සේ, තාක්ෂණය හසුරුවා ගැනීමෙන් පරිසරය සමග මනා සබඳතාවක් ඇති ජල කළමනාකරණ ක්‍රමවේද බිහි විණි. ශත- වර්ෂ ගණනාවක් තිස්සේ නො කඩවා භාවිතයේ පැවතීමෙන් එම අංගයන් ස්වාභාවික පරීසරයේ ම කොටසක් ලෙස එකිනෙකට බද්ධ වී ක්‍රියාත්මක විය. වැවට සමගාමී ව බිහි වූ සියලු අංගෝපාංගයන්හි පිහිටීමේ නිශ්චිත පොදු රටාවක් හඳුනාගත හැකි අතර එම පොදු රටාව අහඹු ලෙස ගොඩනැගුණක් නොව පරිසරය පිළිබඳ ව ක්‍රමක්‍රමයෙන් අත්පත් කර ගත් ආනුභාවික දැනුම මත පදනම් වූවකි. මේ නිසා ම මිනිසා සහ වැව ද, ඒ වටා වූ පරිසරය ද එම ජන සමාජය ද අන්‍යොන්‍ය වශයෙන් දැඩි ලෙස බද්ධ වී පැවතිණ. මෙම සහසම්බන්ධතාව යළි ගොඩනැංවීමේ අවශ්‍යතාව සහ වියළි කලාපයේ ඓතිහාසික ගම්වැව් ප්‍රතිසංස්කරණය කර පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද, ඒ සඳහා ගත හැකි ප්‍රවේශයන් ද මෙම කෘතියේ දී සාකච්ඡා කර ඇත. එමෙන් ම, පශ්චාත් ඓතිහාසික යුගය තුළ වාරි ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණයන් සහ සමකාලීන සංවර්ධන ව්‍යාපෘතින්හි බලපෑම පිළිබඳව ද අවධානය යොමු වේ. ඉඩම් හා ජල සම්පත් පදනම් කරගත් වියළි කලාපයේ ‘ග්‍රාමීය සංවර්ධනය’ සඳහා ඓතිහාසික ජන සමාජයෙන් උරුම වූ ‘ග්‍රාමීයවැව’ ඒ සඳහා ඍජු ව ම පාදක කරගත හැකි මහඟු සම්පතක් බව මෙම ග්‍රන්ථයේ දී අවධාරණය කර ඇත.

පිටු ගණන – 196

Additional information

Weight .270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය – භූගෝලීය පසුබිම සහ සුරක්ෂිතතාව – ආචාර්ය පී. විදානපතිරණ”

Your email address will not be published. Required fields are marked *