ශ‍්‍රි ලංකා පුරාවිද්‍යාව – කෙටි සටහන් පණහක්

රු1,200.00

ශ‍්‍රි ලංකා පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳ උනන්දුවක් ඇති ඒ පිළිබඳ නිවැරදි දැනුම අවශ්‍ය විශ්ව විද්‍යාල, පාසැල් සිසුන් මෙන්ම අන් සියලු දෙනා වෙනුවෙන් සරල බසින් ලියවනු ඔබ  ළඟ තිබිය යුතුම අත් පොතකි.

28 in stock

Description

ශ‍්‍රි ලංකා පුරාවිද්‍යාව – කෙටි සටහන් පණහක්, චන්දිම බණ්ඩාර අඹන්වලගේ නවතම කෘතියයි. මෙම පොත ශ්‍රී ලංකා පුරාවිද්‍යාව පිළිබඳ දුර්මත වලට පිළිතුරක් ලෙස මුහුණු පොතේ ඔහු “පුරාවිද්‍යා කෙටි සටහන්” මැයෙන් ලියු ලිපි මාලාවක් පොතක් ලෙස එලි දැක් වීමකි.

මේ පොත සැකසිමේ දී සියලු දෙනාට තේරුම් ගත හැකි ආකාරයට ඔහු ඉතා සරල බස් වහරක් උපයෝගි කර ගෙන ඇත. මේ පොත අ.පො.ස. (සා. පෙල) හදාරන සිසුන්ට මෙන්ම එවුනට උගන්වන ගුරුවරුන්ට මහඟු අත් වැලක් වනු ඇත. මෙය විශ්ව විද්‍යාල සිසුන්ට පුරාවිද්‍යාව පිළිබඳ මුලික හැඳින්වීමක් ලබා දෙන මවු බසින් ලිය වනු අනර්ග කෘතියකි. මෙම පොතෙහි ශ්‍රී ලංකා ප්‍රාග් ඉතිහාසය, ආදී මානවයන්, පුරාවිද්‍යාවේ යුග කරණය, උරුම කළමණාකරණය, කලා ඉතිහාසය, අභිලේඛන වැනි විවිධ මාතෘකා යටතේ ලිපි ඇත.
මේ පොත ලිවිමට අරමුණු වු කරුණු දැන ගැනීමට පහතින් ඇති පොතේ පෙරවදන කියවන්න.

පෙරවදන

2020 වසරේ පළමු කාර්තුවේ දෙ වැනි අර්ධයේ සිට (2020 මාර්තු සිට) මෙරට සියලු දෙනාටම නිවාස අඩසියට පත් වීමට සිදු වූයේ ලොව පුරා පැතිර ගිය වසංගත තත්ත්වය හේතුවෙනි. මේ ඉසිඹුව බොහෝ දෙනෙකුට සමාජ මාධ්‍ය තුළ රිසි සේ සැරීමට කාලය ලබා දෙන ලදි. මෙකල සමාජ මාධ්‍ය භාවිතයේ දී තහවුරු වූ කරුණක් වූයේ සැලකිය යුතු පිරිසක් මෙරට පුරාවිද්‍යාව, ඉතිහාසය හා සමාජ විකාශය පිළිබඳ මිත්‍ය හෝ නිවැරදි නොවන අදහස්වල එලඹගෙන සිටින බවයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව තුළ නිමැවෙන නව දැනුම හා අනාවරණය කිරීම් පිළිබඳ ඇති නොදැනුවත් බව නැතිනම් දැනුමක් ගැනීමට ඇති මුලාශ්‍රයන්ගේ විශ්වාසනීය බවක් නොමැති වීම මේ සඳහා හේතු වන බව හඳුනාගැනීමට ලැබේ. ඒ නිසාම බොහෝ ජන පුරාවිද්‍යාවේ සංකල්ප හා සංසිද්ධීන් පිළිබඳ ව්‍යජ හා විසුළු සහගත තොරතුරු අදහති. පතුරවති. තම පෞද්ගලික න්‍යාය පත්‍ර සාධනය සඳහා ම එවැනි විසුළු සහගත මිත්‍ය, නව පුරාවිද්‍යා-ඉතිහාස දැනුම ලෙස සමාජගත කරන පිරිසක් ද සිටීම ඛේදයකි. සදොස් මත ගැනීමේ වරද හුදී ජනයාට පැවරීම ද නිවැරදි නොවේ. දැනුම නිමවන විවතා එකී කටයුත්ත පමණක් පුරවා සෑහීමට පත්වීම පමණක් අද නොසෑහෙන බවයි එයින් පෙනෙන්නේ. නව දැනුම මෙන්ම නිදොස් දැනුම ද ජනයා වෙත ගෙන යා යුතුය. සරළ සුගම බසින්ම ඒ කිරීම වටි. මා කියවා ඇති පරිදි හෙළයේ මහ පඩිවර මහැඳුරු සෙනරත් පරණවිතාන ධීමතාණන් තමන් පණ දුන් දැනුම් සයුර සරළ සිංහලෙන් ජනයා අතට පත් කිරීමේ කැමැත්තක් ඇතිව සිට ඇත. ඒ සඳහා ගත් උත්සාහය ‘සිංහලයෝ’ හා ‘පුරාවිඳු පරිස්සන තුළින් පෙන්නේ. අපි ද ඒ මග ම ගනිමු.
මහපඬු පරණවිතාන මග ගනිමින් අපි ද සරළ, සුගම බස් වහරකින් නමුත් සැකෙවින් ලක්දිව පුරාවිදු තතු ජනගත කිරිමට සමාජ මාධ්‍යය වහල් කරගතිමි. ලැබු ප්‍රතිචාර ඉමහත් බැවින් ප්‍රයත්නය සරු බව දැනුනි. ඒ ලිපි කියැ වු ප්‍රතිචාර දැක් වූ සැමට පිං. ඒ කෙටි සටහන් පෙළ පොතකට සුදුසු පරිදි නැවත සකසා
මෙ සේ ඔබ’තට පත් වේ. සරළව කෙටියෙන් ලියැවුණු සටහන් පනහක් මේ ගතට එක්කර ඇත. ඒ සටහන් පුරාවිද්‍යාවේ ම විවිධ පරාස නියෝජනය කරන අයුරින් තෝරා ඇත්තේ මේ විෂයේ ඇති පරාසය ගැනත් රළු හෝ අදහසක් දෙනු පිනිස මයි. මේ ගත පුරාවිදු වෙසෙසියන්ට නොවේ. දුහුනන් දැනුම් උදෙසාමය. කියවීමට බාධා වන බැවින් ආශ්‍රේය නොයෙදිමු. එහෙත් අවැසි නම් සරසවි, පාසල් සිසුනට ද වැඩ ගත හැකි වේ මේ ගතින්. | පුරාවිදු මහ පුටුව හෙබ වූ මහැඳුරු සෙනරත් බණ්ඩාර දිසානායකයනට ද පොතට අගනා හැඳුනුමක් දුන් පුරාවිඳු දෙටු මහැඳුරු මෙන් ම දැන් මෙරට පුරාවිඳු මහ පුටුව හොබවන අනුර කුමාර මනතුංග මැතිඳුනටත්, මේ ගත පල කළ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ අදියුරු, අනුරාධ පියදාස මැතිඳුටත් මහත් පිං. පොත මැනවින් මුද්‍රණය කරදුන් මහනුවර, ගැටඹේ නෙත්වින් ප්‍රින්ටර්ස් ආයතනයේ අධිපතිතුමා, චමින්ද, සනත් ඇතුළු එහි සියලු හිතවතුනටත් පිං දෙමි. මේ කෙටි සටහන් මාලාව මුහුණු පොතේ “ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ සමූහය තුළින් ගෙන එන වාරයක් පාසා ඊට ප්‍රතිචාර දක්වමින් මා සමග රැදී සිටි සියලු පාඨක හිතවතුනටත් පිං දෙනු රිසියෙමි. පිටගැස්ම නිර්මාණය කිරිමේ දි අගනා උපදෙස් හා සහයක් ලබා දුන් සරත් අනුර හේවගේ මැතිඳුනටත්, තුෂාර ප්‍රේමකුමාර, ජයන්ත මල්ලිකාරත්න, අමා එච්. වන්නිආරච්චි හා රංගා ලංකාප්‍රිය යන මාගේ හිතවතුනටත් පිං දෙමි. නිරතුරු වැඩට අකුල් හෙළන ගෝතම අමරකිත හා යශස්හි උත්පලවණා ම’දරුවනටත්, දවුපදියටත්, දෙමාපිය ගුරුවරු ඇතුළු සැමටත් අන්ත පිං.
බසෙහි වරද ඇතොත් ඒ අප වරදමය. අදහස්, යෝජනා හා චෝදනා ද ඇතොත් දන්වනු මැන අප ඉදිරි වැඩ තකා.
තෙරුවන් සරණයි!
චන්දිම බණ්ඩාර අඹන්වල,
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලේ.
071 835 8452 / cbamba@rjt.ac.lk

Additional information

Weight .52 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ‍්‍රි ලංකා පුරාවිද්‍යාව – කෙටි සටහන් පණහක්”

Your email address will not be published. Required fields are marked *