Description
ලංකාවට පැමිණි චීන හමුදාවක් රජකු පැහැරගෙන යාමේ චීන මෙහෙයුම පිලිබඳ ප්‍රවෘත්තිය විවිධ ඉතිහාස පොත්වල විවිධ අයුරින් සඳහන්ව ඇත. කුඩාකල සිට ලක් ඉතිහාසය පිළිබඳව දැඩි ඇල්මක් තිබූ මාහට මෙම අපූර්ව සිද්ධිය පිළිබඳව විමර්ෂණය කිරීමට සිත්විය. එහි ප්‍රතිඵලය මෙම ග්‍රන්ථය යි.
මෙම විමර්ෂණයේදී විවිධ ස්ථාන නිරික්ෂණය කිරීමට යාමටත්, දුර්ලභ ලේඛන සෙවීමටත් සිදුවිය. එම නිසා මෙතෙක් හෙළිදරවු නොවූ ඉතිහාස කරුණු රැසක් ඉස්මතු විය. ඒ සියළු කරුණු මුලදී වටහාගැනීමට අපහසු වූ නමුත් සියල්ල එක් වූ පසු “ඓතිහාසික රූපමය ප්රකාවක්” (Historical Jigsaw Puzzle) විසඳන්නාක් මෙන් ආස්වාදයකින් යුතුව මෙම පොත ලියා නිමකිරීමට හැකි විය. වෘත්තීය ඉතිහාසඥයෙක් නොවන නමුත් මෙම පොත ලිවීමේ දී ශිලාලිපි, සමකාලීන සාහිත්‍ය කෘති හා ග්රන්ථ, පිළිගත් ඉතිහාස ග්රන්ථ, ජනප්‍රවාද හා ගවේෂණය වැනි සම්මත ක්‍රමවේදයන් පමණක් භාවිතයට ගතිමි. එසේම ස්ථාන, ලිපිලේඛන, පුද්ගලයින් හා සිදුවීම් සොයාගැනිමට අන්තරජාලය භාවිත කිරීම අළුත් අත්දැකීමක් විය. හැකි සෑමවිටම කරුණු සෙවීමේදී මූලාශ්‍ර පමණක් භාවිත කිරීමට මා පෙළඹුනේ ද්විතියික හා තෘතියික සටහන්වල විවිධ වැරදි ඇතිබව වැටහීගිය නිසාය. මෙම සිද්ධීන් සිදුවූ 14-15 වෙනි ශතවර්ෂ ගැන කෙරී ඇති ඉතිහාස විමර්ෂණ අල්ප නිසා මෙය ඉතා දුෂ්කර කාර්යයක් විය. මෙම ග්රන්ථයෙහි අගට මෙම පුවතට අදාල සියළු සෙල්ලිපිවල මුල් කියවීම් එකතුකර ඇත්තේ අනාගතයේ ඉතිහාසය හදාරන්නන්ට ඒවා ප්‍රයෝජනවත් විය හැකි හෙයිනි. “ඉතිහාසයේ පෙළගැස්ම” යන මැයින් සංක්ෂිප්ත කාලසටහනක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව යන රටවල සිදුවීම් සමපාත වූ සැටි පැහැදිලි කිරීමටය.
අජිත් අමරසිංහ
සිිංහබාහු ප්‍රවාදය පිලිබඳ IAHS මර්ගගත දේශන මාලාවේදිි අජිත් අමරසිංහ පැවත් වු දේශනයට සවන් දෙන්න.
ඔබ මේ පොතට කැමති නම් සුමේධ වීරවර්ධනගේ සිංහලයේ විමුක්ති සටන පොතට ද කැමති වනු ඇත.
Reviews
There are no reviews yet.