Description
‘උරුමය’ යනු ආවේණික හෝ සමාජ ආරෝපිත අගයන් මත පදනම්ව අධ්‍යාපනය, පෙලඹවීම, සැමරීම සහ භාවිත කිරීම වෙනුවෙන් සමාජයන් විසින් ආරක්ෂා කිරීමට තීරණය කරන අනන්‍යතාවේ නිර්වචන සපයන සාධක යි. උරුමය කළමණාකරණය ඉතා සීග්‍රයෙන් ඉදිරියට ඇදෙන විෂයයක් ලෙස ප්‍රචලිත වෙමින් පවතී. වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල පුරාවිද්‍යා ක්ෂේත්රය සමග බැඳී පවති නමුත් ගෝලීය වශයේන ලබා ඇති දියුනුව අපේ උරුමය නිසි පරිදි හඳුනාගනිමින්, ආරක්ෂා කරමින් වර්ථමානය හා අනාගතය වෙනුවෙන් ඒවා විනාශ නොවී පවත්වා ගැනීමටත් සමාජයේ තිරසාර සංවර්ධනය වෙනුවෙනුත් යොදවා ගත ය්ත්ව ඇත.
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් ICOMOS – Sri Lanka ආයතනය සමඟ සංවිධානය කරනු ලබන ‘උරුම කළමණාකරණය සඳහා හැඳින්වීමක්’ පාඨමාලාව මෙරට උරුම කළමණාකරණය පිළිබඳව හැදෑරීමට කැමති එහෙත් එයට ඉඩක් නොලද සියලු දෙනා හට වටිනා අවස්ථාවක් වේ. උරුමය පිළිබඳ න්‍යායාත්මක ප්රවේශයන් සහ ඒවායේ භාවිතය පිළිබඳ අවබෝධයක් ලබා දීමට අරමූණු කරගත් මෙම පාඨමාලාව මඟින් උරුම පරිසරයේ බහු විෂයීය ස්වභාවය ගවේෂණය කරයි. මෙම වැඩසටහන මඟින් උරුම ක්ෂේත්රයේ වෘත්තියකට අවශ්‍ය ප්‍රධාන සංකල්ප හා කුසලතා ඔබට ලබා දීමට අපේක්ෂා කරන බැවින් එය පුරාවිද්‍යාව හෝ ඉතිහාසය හදාරන සිසුන්ට පමණක් නොව උරුම ක්ෂේත්රයේ වෘත්තියක් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට සුදුසු ය. උරුම කළමනාකරණය පිළිබඳ තිරය පිටුපස අවබෝධය ලබා ගැනීමට සහ ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව සොයා බැලීමට මෙමගින් අවස්ථාව උදා වනු ඇත.
උරුම කළමණාකරණ ක්ෂේත්රයේ වසර ගණනාවක් පළපුරුද්ද හිමි එමෙන්ම විෂයෙහි ප්‍රාමාණික දැනුමක් හිමි දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට උරුම කළමණාකරණය පිළිබද අධ්‍යනයට ඇති අඩුපාඩුව මකා දැමීමට උත්සාහ දරයි.
Reviews
There are no reviews yet.